brand logo

අවුරුදු 3ක කිරිසප්පයාට මත්පැන් බෝතලයක් පොවලා

11 June 2021

සිගිති දරුවකුට කිසියම් මත්පැන් බෝතලයක් බීමට සලස්වා එය වීඩියෝ කර සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පැලියගොඩ පොලිස් වසමේ අංක 90/8, 90වත්ත , පෑලියගොඩ ලිපිනයේ පදිංචි අල්ගම ලේඛම්ගේ වසන්ත සුජිත් යන පුද්ගලයකි. සැකකරු විසින් අසල්වැසි නිවසක වෙසෙන රශ්මික නමැති වයස අවු 3 ½ ක දරුවකු මෙලෙස අපයෝජනය කර ඇත. පොලිස් සැරයන් 27553 කරුණාරත්න නිලධාරියාගේ තොරතුරු මත පැලියගොඩ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරික්ෂක මහින්ද විල්වආරච්චි මහතාගේ මුලිකත්වයෙන් කළ විමර්ශනයෙන් පසු සැකකරු කොටු කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර සැකකරු අද දින අලුත් කඩේ අංක 05 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.   https://youtu.be/YXOhsYHz5Fc    
 

More News..