brand logo

නොගැළපෙන ඇඳුම් නිසා චරිතයක් ප්‍රතික්ෂේප කළා

22 November 2021

හිතුවක්කාරයාට පෙම් බඳින

මුල්ම නාට්‍යයට එනකොට මට රඟපාන්න බෑ

ආදරය බිඳවැටුණ එක හොඳයි

දෙරණ අවුරුදු කුමරිය වුණා

සංගීතේ ටෙලි නාට්‍යයේ මල්කඩේ රන්දිමා, නැවතත් දෙරණ නාළිකාවෙන්ම අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්, ඒ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන ‘හිතුවක්කාර’ ටෙලි නිර්මාණය තුළින්. ඒ නිසාම පිනිපලස මේ සොඳුරු කතාබහ අවිශ්කා උමයංගි සමග... කලාවට පාසල් කාලයේ ඉඳන්ම සම්බන්ධද? ඇත්තටම නැහැ. කලාවට සම්බන්ධ වීම අහම්බයක්. කොහොමද ඒ අවස්ථාව උදා වෙන්නේ... 2018 වසරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. එතැනදී මට වාසනාව ලැබෙනවා දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින්න. එතැනින් පස්සේ මට ලක්සිරි වික්‍රමගේ සර් තමා සංගීතේ නාට්‍යයට කතා කරන්නේ. පවුලේ එකම ළමයා කලාවට එනවට ගෙදරින් කැමති වුණාද? මුලදී නම් චුට්ටක් තාත්තා අකමැති වුණා. ඒත් යන්න එපා කියලා දැඩි තහංචි දැම්මේ නැහැ. දැන් නම් මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට මට වැඩිය කැමති ඒ දෙන්නා. නිළියක් නොවුණානම් අවිශ්කා කවුරු වෙන්නද හිතුවේ... එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න හිතන් හිටියේ. අද නිළියක් වීම ගැන මොකද හිතෙන්නේ... ඇත්තටම සතුටුයි. මේ වෙද්දී මග තොටේදී වුණත් මාව අඳුරනවා. ඒ මම රංගනයට ආව නිසානේ. ඒ නිසා සතුටක් තියෙනවා. අද හිතෙනවා එයාර් හොස්ටර් කෙනෙක් නොවී නිළියක් වුණු එක හොඳයි කියලා. ‘සංගීතෙ’ රන්දිමාගෙන් පස්සේ අවිෂ්කාව දකින්න ලැබෙන්නේ ‘හිතුවක්කාර’ නාට්‍යයෙන්... ඔව්, මගේ දෙවැනි නිර්මාණය ‘හිතුවක්කාර’. එහි මගේ චරිතය වෙන්නේ ගුවනි. සංගීතෙට ලැබුණු ප්‍රතිචාර කොහොමද? මම හිතුවේ නැහැ සංගීතේ තුළින් ඒ තරම් ජනප්‍රියතාවක් ලැබෙයි කියලා. දැනටත් අලුත් ඩ්‍රාමා එකේ ට්‍රේලරයට බොහෝ දෙනා ආ මේ සංගීතේ මල් ගර්ල්නේ කියලා තමා කමෙන්ට් කරන්නේ. මම ඇත්තටම රඟපාන්න දන්නේ නැහැ අඩුපාඩු හදාගෙන කරගෙන ගියේ ඒ චරිතය. නමුත් ඒක මගදී නැවතුණා. දැන් මේ අලුත් නාට්‍යය තුළින් අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳට මගේ හැකියාවන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් රංගනය ගැන හැදෑරීමක් කරනවද? තවම නම් නැහැ. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා හදාරන්න. මේ වෙද්දී රංගනය තුළින් රංගනය ගැන ඉගෙන ගන්නවා. ගුවනිගේ චරිතය ගැන අපි ටිකක් කියමු... සංගීතේ රන්දිමා වගේ නෙවෙයි ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අහිංසක සංවේදී ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. හිතුවක්කාර පෙම්වතෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ ඔස්සේ තමා චරිතය ඉදිරියට යන්නේ. අවිෂ්කාට වඩාත් සෑහෙන්න වෙනස් චරිතයක්ද? අවිෂ්කා සහ ගුවනි අතර සමානකම් තියෙනවා. නමුත් ගුවනි තරම්ම අහිංසක කෙනෙක් නෙවෙයි අවිෂ්කා කියන්නේ. හැබැයි අවිෂ්කාත් තමන්ගේ පාඩුවේ සරලව ඉන්න චරිතයක්. ඒ පැත්තෙන් බැලුවම සමානකම් තියෙනවා. කොහොමද ‘හිතුවක්කාර’ එකෙන් ලැබුණු අත්දැකීම...   විශේෂයෙන්ම කියන්න ඕනේ කේෂාන් අයියා සහ මාලනී ෆොන්සේකා මහත්මිය එක්ක තමා මම මේ චරිතය රඟපාන්නේ. කේෂාන් අයියා මට ගොඩක් උදව් කරා ගුවනි කියන චරිතය සාර්ථක කරගන්න. මම දන්නේ නැති දේවල් සහ දෙබස් උච්චාරණය පවා මට කියල දුන්නා. ඒ වගේම තමා අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය. මම ඒ තරම් නිහතමානීකමක් එතුමියගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය නිළි රැජින වෙලත් මම වගේ අලුත් කෙනෙක් එක්ක එතුමිය වැඩ කරන විදිය ගැන හිතුවම හරිම නිහතමානී හොඳ කෙනෙක්. ඒ එක්කම මට අවස්ථාව ලබා දුන්නු ලක්සිරි සර්, චරිත් අයියා සහ ‘හිතුවක්කාර’ අධ්‍යක්ෂණය කරන තිළිණ බොරලැස්ස අයියට වගේම ගයාන් දිනේෂ් අයියටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අමතක නොවන අත්දැකීම් ඇති... ගුවනි කියන චරිතය තුළ භරත නැටුමක් ඉදිරිපත් කරන්න තියෙනවා. මම නර්තනය හදාරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා භරත නැටුමක් ඉදිරිපත් කිරීම මට ලොකු අභියෝගයක් වුණා. ඉතා කෙටි කාලයක් තුළ පුරුදු වුණු මගේ පමුළවැනි භරත ඇක්ට් එක හිතුවක්කාර තුළින් දකින්න ලැබෙන්නේ. ඒ නිසා පොඩි පොඩි අතපසුවීම් තියෙයි. ඒ දේ තේරුම් අරන් රසවිඳියි කියලා හිතෙනවා. ඒ වගේම වරදක් තියෙනවා නම් සමාවෙන්න කියලා කියනවා. ඉදිරියට රංගනය වගේම නර්තනය පැත්තත් හදාරන්න බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා අවුරුදු කුමරියන් රංගනයට වගේම නිවේදන පැත්තට යොමු වෙනවා? කැමැත්තක් තියෙනවා. මට තවම නිවේදනය පැත්තට ආරාධනා ලැබුණේ නැහැ. ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා. එතකොට සිනමාවට ආරාධනා තියෙනවද? මේ ළඟදිත් ආවා හැමෝම දන්නා හින්දි චිත්‍රපටයක සිංහල නිර්මාණයකට. ඒකට නම් මම කැමති වුණේ නැහැ. තව එකක් ආවා එකේ මට නොගැළපෙන ඇඳුම් තියෙන නිසා ඒකත් ප්‍රතික්ෂේප කරා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. අවිෂ්කා පෙම්වතියක්ද? තාම ආදරය කරන්න කෙනෙක් නැහැ. කලින් ආදර සම්බන්ධතාවක් තිබ්බා. ඒත් පෞද්ගලික ප්‍රශ්න එක්ක නැවතුණා. ඒ නිසා දැන් තනිකඩයි. හැබැයි ඒක එහෙම වුණ එක හොඳයි කියලා හිතෙනවා. දැන් මට නිදහස තියෙනවා. අනුෂා රණසිංහ
 

More News..