brand logo

නේවාසික රෝගීන් බැලීමට යාම පිළිබඳ උපදෙස්

10 October 2020

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති අත් සේදීම, මීරටයක සමාජ දුරථ භාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණයක් පැළඳීම යන උපදෙස් තරයේ පිළිපදින ලෙසටයි ජනතාවට දැනුම් දෙයි. එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට යාම අවම කරන ලෙසට ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙයි. රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබෙන්නට සැලැස්වීමට කටයුතු කළ හැකියි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම ඇති රෝහල වෙතට යන ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 

More News..