brand logo

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කතට කොවිඩ්

23 January 2021

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (22)රාත්‍රීයේ මිය ගොස් ඇති බව වාර්තා වේ. එම කාන්තාව රෝහලේ හෘද රෝග ඒකකය වන 39/40 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටියදී 52 හැවිරිදි වියේ පසුවන අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ. කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද (23) උදෑසන අධිකරණ වෛද්‍ය ඒකකයට ලැබී ඇති අතර එයින් මෙම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
 

More News..