brand logo

නෙළුම් කුලුනේ ප්‍රමිතිය බලන්න කමිටුවක්

30 November 2020

ඉදිකිරීම් අවසන් කර ඇති කොළඹ නෙළුම් කුලුන ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවැසීය. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක ප්‍රකාශ කළේ නෙළුම් කුලුන යම් යම් අඩුපාඩු මෙන්ම විදුලි සෝපානයන්හි පවතින තාක්ෂණික දෝෂ පරික්ෂා කිරීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත විශේෂ තාක්ෂණික කමිටුවක් විසින් ලබන දෙසැම්බරයේදී අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. අදාළ චීන ඉදිකිරීම් සමාගම විසින් නෙළුම් කුලුන ලබන මාසයේදී රජයට භාරදීමට එකඟ වී ඇති අතර ලබන වසරේ මැයි - ජුනි අතර මහජනයාට එය විවෘත කිරීමටද බලාපොරොත්තු වෙයි. මේ අතර නෙළුම් කුලුනේ ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම සඳහා චීනයේ සිට විශේෂ කණ්ඩායමක් ද මෙරටට පැමිණීමට නියමිතය. කොළඹ නෙළුම් කුලුන හරහා මෙරට තාක්ෂණයේ පැහැදිලි වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් 5G තාක්ෂණය සමගින් නව අත්දැකීම් රැසක් මෙරට ජනතාවට අත්විඳීමට අවස්ථාව හිමි වෙන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ඉන්දික ශ්‍රී අරවින්ද
 

More News..