brand logo

නෙදර්ලන්ත තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි

10 May 2019

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිවරිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය. එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තමන් ඒ පිළිබඳව කණගාටු වන බව නෙදර්ලන්ත තානාපතිවරිය වෙත විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කළේය. තවද, නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම සඳහා මෙරට ආරක්‍ෂක තත්වය යළි යථා තත්වයට පත්විය යුතු බවද තානාපතිවරිය සඳහන් කළාය.
 

More News..