brand logo

නෙදර්ලන්තය සති 05කට වැසෙයි

15 December 2020

කොවිඩ් ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ. මේ බව ගාඩියන් පුවත් සේවය වාර්තා කර තිබේ. මේ අනුව අද (15) සිට ජනවාරි මස 19තෙක් රට වසාදමන බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් සඳහන් කර ඇත. ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙසටද දැනුම්දී තිබේ. එසේම එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොවිඩ් වියාප්ති අවදානම සලකා' ජර්මනිය , ඉතාලිය ඇතළු යුරෝපයේ රටවල් කිහිපයක්ම සංචරණය සිමා කිරීම සඳහා කොන්දේසි දමා තිබේ.
 

More News..