brand logo

නුෂාඩ් පෙරේරා ලංකා සතොස නව සභාපති ධූරයට

03 January 2020

ලංකා සතොස හි නව සභාපති ලෙස අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා මහතා පත් කර තිබේ. ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ (FCIM) සාමාජිකයෙක් වෙයි. නුෂාඩ් පෙරේරා මහතා ලෙස්ටර්(Leicester) විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර බොහෝ නිර්මාණශීලි අලෙවිකරුවෙකි. 2001 දී හොඳම '‘CIM Marketer of the Year’ ' සම්මානයෙන් පිදුම් ලද නුෂාඩ් පෙරේරා මහතා 2007 වසරේ ‘Global Brand Leadership Award’ යන සම්මානය ද දිනා ගනු ලැබීය. ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ දීර්ඝකාලින සමාජිකයෙක් වෙන ඔහු 1998 සිට වසර 13 ක කාලයක් එම සමූහයේ අලෙවිකරණ කාර්යයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබීය.
 

More News..