brand logo

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

13 August 2019

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කදුකරු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. අදාළ ප්‍රදේශවලට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් හා පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
 

More News..