brand logo

නුවරඑළිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

11 April 2021

නුවරඑළිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමකට ලක්ව ඇත. ඒ හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඊයේ (10) පස්වරුවේ නානුඔය ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග එම මාර්ගයේ 104 සහ 105 සැතපුම් කණු අතර කොටසක් ගිලා බැස ඇත. එම ස්ථානයේ කොටසක් නායයාමේ අවදානමක පවතින බව ද නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.
 

More News..