brand logo

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් 3000 ඉක්මවයි

21 May 2021

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු ඊයේ(20) සවස් වන විට හමුවී ඇති බව වාර්තා වේ. නව ආසාදිතයින් හමුවීමත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් 3010 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු සඳහන් කරයි. එම නව ආසාදිතයින් අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද වාර්තා වේ.
 

More News..