brand logo

නුවරඑළියේ කොරෝනා ආසාදිතයින් 30කට අධික ප්‍රමාණයක්

29 October 2020

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 30කට අධික ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතින බවයි. එම පී.සී.ආර්. පරීක්ෂණ මගින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය හැකි අතර, දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සදහන් කරයි. මේ හේතුවෙන් විනෝද චාරිකා ලෙස නුවරඑළියට පැමිණීම ඉතා අවධානම් සහගත බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

More News..