brand logo

නුවරඑලියට තදින් මල්තුහින පතිති වෙයි - උෂ්ණත්වය සෙල්සියස් අංශක 6යි

06 January 2019

නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම තද ලෙසම මල්තුහින පතිත වි තිබුණා. නුවරඑලිය නගර සභා ක්‍රිඩා පිටිය තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකටයි මෙසේ මල්තුහින පතිත වි තිබුණේ. අද අලුයම නුවරඑලිය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 6 ක අවම උෂ්ණත්වයක් තිබු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. නුවරඑලියේ මේ දිනවල පවතින දැඩි සිත කාලගුණයත් සමග මල්තුහින පතිත වි ඇති අතර එම මල්තුහින දැක බලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල නුවරඑලියට සංචාරය සදහා පැමිණ තිබෙනවා. මෙසේ පතිත වන මල්තුහින අලුයම සිට හිරු එලිය පතිත වන තෙක් පවතින අතර මල්තුහින පතිත විම නිසා නුවරඑලිය ප්‍රදේශයේ එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වන බවයි එළවළු ගොවින් සහ වතු අධිකාරිවරුන් කියා සිටින්නේ. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..