brand logo

නුවන් ප්‍රදීප් වෙනුවට කණ්ඩායමට එක්වන ක්‍රීඩකයා

21 January 2019

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමිව තිබෙනවා. ඒ පාදයේ ඇති වු අබාදයක් හේතුවෙන්. ඔහුගේ පාදය සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් මේ වන විට සිදුකර ඇති අතර, එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ පාදයට බරපතල ලෙස හානි සිදුවී ඇති බවයි. මේ අතර නුවන් ප්‍රදීප් වෙනුවට කිසිදු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් නිල වශයෙන් නම් කර නොමැති බව ක්‍රිකට් ඉන් ‌ෆෝ වෙබ් අඩවිය සදහන් කරනවා. ක්‍රිකට් විචාරකයින් සදහන් කරන පරිදි සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රජිත සහ දුෂ්‍යමන්ත චමීර කණ්ඩායමට කැදවීමට ඉඩකඩ ඇති බවයි එම වෙබ් අඩවිය සදහන් කරන්නේ. ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
 

More News..