brand logo

බස් රියදුරුට මිනී මැරීමේ වරද යටතේ අධිකරණයට කරුණ ඉදිරිපත් කෙරේ

20 July 2020

නුගේගොඩ ගුවන් පාලම මතදී අද උදෑසන සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු මේ මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලීසිය සදහන් කළේ සැකකරා රියදුරු විසින් සිදුකරන ලද ක්‍රියාව සැලකිල්ලට ගනිමින් මිනී මැරීමේ වරද යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවයි. සැකකාර බස් රථ රියදුරා අධික රුධිර පීඩනය හේතුවෙන් දකුණු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය. ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ දැනුම්දීම මත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් පසුව එම නියෝගය ලබාදී ඇත. පෞද්ගලික බස් රථයක් හා යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් හමුදා කපිතාන්වරයෙක් සහ සෙබළුන් දෙදෙ‌නෙකු තුවාල ලැබූ අතර, කැබ් රථයේ පැදවූ යුද හමුදා සෙබළා ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ යුද හමුදා කැබ් රථය නිවැරදි ධාවන තීරුව අනුගමනය කර තිබේ. අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 

More News..