brand logo

නීතීවිරෝධී විදුලි රැහැනක පැටලී එකම පවුලේ තිදෙනෙක් මියයයි

30 December 2019

මාතලේ උකුවෙල ගුරලවෙල කන්දේමඩ ප‍්‍රදේශයේ දකුණු වෙදපිහිල්ල කුඹුරුයායේ වල් ඌරන්ට ඇද තිබු නීතීවිරෝධී විදුලි රැහැනක පැටලී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ. මාතලේ පොලීසිය පැවසුවේ වෙනත් අයෙකු විසින් වල් ඌරන්ට ඇටවු විදුලි රැහැනක පැටලී මොවුන් තිදෙනාම මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේම ලේලිය වන බව පොලීසිය කියයි. මෙම සිදුවීම සිදුවු පසුගිය 29 වන දින රාත‍්‍රීයේ සවස 5.00 ට පමණ කිතුල් මල් කැපීම සදහා මිය ගිය වීරසේකර මහතා පිටත්ව ගොස් ඇති අතර, රාත‍්‍රී 10.00 , 11.00 වන තෙක් නිවසට නොපැමිණීම නිසා ඔහු සෙවීම සදහා බිරිද සහ ලේලිය ගිය අවස්ථාවේදී වෙල්යායේ මැදින් ඇද තිබු විදුලි රැහැනක පැටලී ඇද වැටී සිටි අතර ඔවුන් මාතලේ මුලික රෝහලට ඇතුල් කරන විටත්, ඔවුන් දෙදෙනාද මියගොස් ඇති බව මාතලේ පොලීසිය කියයි. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, ගුරලවෙල දකුණ පදිංචි ජී.ජී. වීරසේන (65) නැමති තිදරු පියා සහ බිරිද වන ඞී.ජී. මල්ලිකා (53) සහ ඔහුගේ පුතාගේ බිරිද වන ඉරේෂා ශාන්ති අමරජීව (30) දෙදරු මවකි.
 

More News..