brand logo

නීතීඥ කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 03කට අත්හිටුවයි

18 March 2019

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර 03කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18)දින තීන්දු කර ඇත. 2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති අතර අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රසන්න ජයවර්ධන සහ සිසිර ද ආබෘ යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දී ඇත.
 

More News..