brand logo

නීති විරෝධී ලෙස රැගෙන ආ කහ කිලෝ 6000ක් සොයා ගනී

12 August 2020

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ. හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ, සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී මෙමෙ කහ තොගය සොයා ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් කහ තොගයේ බර, තෙත බර සහිතව කිලෝග්‍රෑම් 6381ක් පමණ වන බව නාවික හමුදාව පවසයි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කරන ලද කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග මුහුදේ දී ස‌බඳතා පැවැත් වූ බවට සැකකරන බැවින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළුව නිරෝධායනය සඳහා යොමු කර ඇත. මේ අතර නාවික හමුදා බාරයට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැණුම්කරුවන් ලෙස සැකකෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු ද නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේ දී කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අවුරුදු 27- 66 අතර වයසේ පසුවන වත්තල, කටුගස්තොට, මහනුවර, බේරුවල සහ තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත. එම පිරිස අතර අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුද සිටින බව නාවික හමුදාව පවසයි.
 

More News..