brand logo

නීති විරෝධී ලෙස මසුන් මැරූ 15ක් අත්අඩංගුවට

03 September 2018

ත‍්‍රිකුණාමල මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදාව විසින් අද (03) අත්අඩංගුවටගෙන තමන්ට භාර දුන් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. මෙම ධීවරයින් හැඹිලි දැල් නියෝග උල්ලංඝණයකරමින් මසුන් අල්ලමින් සිටියදී නැගෙනහිර නාවික විධානයට අයත් නාවික මුර යාත‍්‍රාවක් මගින් ත්‍රිකුණාමල බැක්බේ මුහුදේදී අත්අඩංගුවටගෙන තිබිණි. අත්අඩංගුවට ගනු ලැබු ධීවර පිරිස කින්නියා, ඇලස්වත්ත, නිලාවෙලි හා ත‍්‍රිකුණාමලය නගරය අවට පදිංචිකරුවෝය. ඔවුන් සමග ධීවර යාත‍්‍රා හතරක්, පිටත සවිකරන එංජින් හතරක්, හැඹිලි දැල් දෙකක් හා මසුන් කිලෝ 500 කට ආසන්න ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවත් 1996 අංක 2 දරණ ධීවර පනත යටතේ මෙම පිරිසට නඩු පවරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීය.
 

More News..