brand logo

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට

24 July 2019

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 02 ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක ඔවුන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව එහි විමර්ශන අංශයේ සහකාර පාලක එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේය. සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වී ඇති අතර සැකකරුවෝ අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන්ය. විමර්ශන අවසන් වනතෙක් ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන බවද කාරියවසම් මහතා සඳහන් කළේය.
 

More News..