brand logo

නීති විරෝධීව උපයපු දේපල හා මුදල් රාජසන්තක කරන්න සාකච්ඡාවක්

15 September 2020

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ 14 දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ. නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපල රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදීම එම දේපල රජය භාරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීන් අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළේය. මුදල් විශුද්ධි කරන පනත සහ 2006 අංක 06 දරණ මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනයන් සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම පනත් අවශ්‍ය සංශෝධනයටන්ට ලක් කිරීම සහ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් විසින් කරුණු දක්වන ලදී. ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් තීරණය විය.
 

More News..