brand logo

නීති විරෝධි වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රීධරන් හා සුමන්තිරන් එක්වෙයි

17 December 2019

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ නීති විරෝධීව සිදුකරන ලබන වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන් මහතා හා එම්.ඒ.සුමන්තිරන් මහතා ඊයේ (16) යාපනය මන්කුම්පාන් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විණ. යාපනය,කිලිනොච්චිය,මන්නාරම ආදි ප්‍රදේශයන්ගේ නීති විරෝධි අයුරින් වැලි ජාවාරම සිදුවන බවට ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමක් මත අදාළ ප්‍රදේශයන්ගේ සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට මන්ත්‍රීවරුන් එක්විණ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා පැවසුවේ කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ අනවසර වැලි ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුවන බවයි. ආරක්ෂක අංශ මැදිහත්වි නීති විරෝධි වැලි ජාවාරම වහාම නවතා දැමීමට කටයුතු කළ යුතු අතර, ඉදිරියේදී වැලි ජාවාරම සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට රජය කටයුතු කළ යුතු බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසුවේය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..