brand logo

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදීමට ලබාදුන් කාලය දීර්ඝ වෙයි

16 May 2019

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන 20 වනදින පෙරවරු 06.00 දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි. එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රජා පොලිස් කමිටු හරහා පොලීසියට භාරදීමට හැකි බවත් 20 දායින් පසුව එම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
 

More News..