brand logo

නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට ලෙබනනයෙන් පොදු සමා කාලයක්

01 April 2020

ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ. පොදු සමාවක් ලැබුණද එරට නීති විරෝධීව රැදී සිටි කාලය නොසලකා පිරිමි ශ‍්‍රමිකයකුගෙන් ලෙබනන ලීරා ලක්ෂ හතරක් හා කාන්තාවක ගෙන් නම් ලෙබනන ලීරා ලක්ෂ 3 ක් ද අයකිරීමට ලෙබනන රජය තීරණය කර ඇත. කොරෝනා වයිරසය එරට තුල ද ව්‍යාප්තව ඇති බැවින් මේ මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 12 වන දා දක්වා ලෙබනනය වසා දමා ඇත. ආපසු පැමිණීමට කැමති අයට තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස් ඇප් අංකයට විස්තර එවා ලියාපදිංචි වන්නැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එවන තොරතුරු තානාපති කාර්යාලය විසින් එරට රජයට ලබා දෙනු ඇති බවත් පවතින තත්ත්වය අවසන්ව රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු පිටවීමේ බලපත‍්‍ර ලබා දෙනු ඇති බවත් කාර්යංශය කියයි. මේ පිළිබද වැඩි විස්තර slemb.beirut@mfa.gov.lk විද්‍යුත් තැපෑලෙන්,0096176700657 හෝ 0096181363894 දුරකතන අංකවලින් හෝ එම අංක ඔස්සේ වට්ස් ඇප් ඔස්සේ ලබාගත හැකිය.
 

More News..