brand logo

නීතිපති උපදෙස් නොලැබීම නිසා මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල මැයි 31ක යළි කැදවයි

05 December 2019

2014 වසරේ කොළඹ පිහිටි රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී තර්ජනය කළේ යැයි සැකකෙරෙන හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති හෙයින් එය මැයි මස 31 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනි පෙරේරා මහත්මිය විසින් අද (05) නියෝග කරන ලදී මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදි සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහරිනු ලැබ සිටින සැකකාර මාලක සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විමර්ශන අවසන් කොට වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන බව දැනුම් දුන්හ. ඊට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති හෙයින් නීතිපති උපදෙස් ලබාගෙන ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්විම සඳහා කල් ලබාදෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පැමිණිල්ල නැවත මැයි මස 31 වනදා යළි කැඳවීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන්නාය. 2014 වසරේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික යුවලක් සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඔවුන්ට තර්ජනය කර පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර මාලක සිල්වා මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු වාර්තා කිරීම සිදුකර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..