brand logo

නීතිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමති CIDයෙන් විමසයි

16 May 2021

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි සිදුකරන ලද පරීක්ෂණ වාර්තා අසම්පුර්ණ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර තිබේ. පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධ සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙස සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පුර්ණ බවත් පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබුණි. එබැවින් තම ධුර කාලය අවසන්වීමට පෙර අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා සඳහන් කර තිබුණි. ඒ ඊයේ (15) දිනයේ ය. නීතිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේවන විටත් වාර්තාවක් කැඳවා තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
 

More News..