brand logo

නීතිපතිගෙන් පොලිස්පතිට දැනුම් දීමක්

09 February 2021

  බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත. ලිපියක් යොමු කරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා' පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දැනුවත් කර තිබේ. මෙහිදී නීතිපතිවරයා පෙන්වාදී ඇත්තේ විවිධ පොලිස් ස්ථානවලින් සහ විවිධ පොලිස් ඒකකවලින් රටේ අපරාධ පිළිබඳව සිදුකරනු ලබන අපරාධ විමර්ශනයන් බොහොමයක් නොයෙකුත් හේතු කාරණා මත ප්‍රමාද වීම සහ කාර්යක්ෂමව කඩිනමින් අවසන් කිරීමට නොහැකි වීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවයි. අපරාධ විමර්ශනයන් නිසි කලට කාර්යක්ෂමව සිදුකිරීමට නොහැකි වීම මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු වී ඇති බව ද නීතිපතිවරයා පෙන්වාදී ඇත.
 

More News..