brand logo

නීතිඥ සංගමයේ සභාපති පුටුව කාලිංග ඉන්දතිස්සට

21 February 2019

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා තේරී පත්විය. එම සංගමයේ 2019/2020 සඳහා සභාපතිවරයා පත්කර ගැනීම සදහා පැවැති නිලවරණයේදී එම සංගමයේ ලේකම් ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද තේරී පත් වී ඇති අතර කොළඹ ඇතුළු රටපුරා ඡන්ද මධස්ථාන 83කදී මේ සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළේය. එම ඡන්ද විමසීම ඊයේ (20දා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වුණු අතර දිවයින පුරා නීතීඥවරුන් 15,806ක් මෙහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියේය.
 

More News..