brand logo

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මතයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් - වෛද්‍ය ජයරුවන්

13 October 2020

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පිරිස් ඒ සඳහා යොමුකීරීම වෙනුවෙන් ජන මතයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද දින (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජයරුවන් මහතා මේබව සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා සඳහන් කලේ , "මේ රෝගීන් විවිධ ස්ථානවලින් හමුවුවත් ඒ හමු වන්නේ. අපි රෝගීන් ඉන්න ස්ථාන හඹායාම හා අපි සැක හිතන ස්ථානවල අහඹු ලෙස රැගෙන පරීක්ෂණ සිදුකරන නිසා. ඒ හැම අවස්ථාවකදීම ඒ පුද්ගලාට කොවිඩ් වැළදී ඇති ආකාරය නිවැරදීම හමුවීම නිසා තවමත් අපිට අශ්‍රිතයින් මුණ ගැසෙන නිසා පාලනයකින් තොරව කොවිඩ් සමාජගත වී ඇති බව කියන්න බෑ. එහෙමනම් අපිට අශ්‍රිතයින් හඹායාමේ අපහසුතාවක් තියෙන්න ඕනේ. එහෙම තත්ත්වයක් ඇති වෙලා නෑ තාම. පසුගිය කාලයේ මහජනතාව අපට සහය දුන්නා. ඒ ජනතාවම තමයි තාමත් ඉන්නේ. මේ රෝගය වැළඳුනොත් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවම තමයි. ඒ නිසා මහජනතාවගේ සහයෝගය අත්‍යාවශයි. කවුරුහරි මුඛ ආවරණයක් නොමැතිව සිටිනවා නම් ඒ පුද්ගලයාට කාරුණිකව කියන්න. ඉල්ලීමක් කරන්න, මුඛ ආවරණයක් නොමැතිව යන එක මේ සමාජයට ව්‍යවසනයක් වෙන්න පුළුවන්, එහෙම මහජන මතයක් ගොඩ නැගීම අත්‍යාවශ්‍යයි." යනුවෙනි .
 

More News..