brand logo

නිශ්ශංක සේනාධිපති හා මේජර් ජෙනරාල් පාලිත අත්අඩංගුවට ගන්න නියෝග

02 August 2019

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කර ඇත. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දීම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා ගැනීම සහ රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා දීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත. විත්තිකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ දෙවැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබන බව සහ පළමු විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට දන්වා නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
 

More News..