brand logo

නිශ්ශංක ඇතුළු ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5කට නිදහස

17 January 2020

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් සියලුම චෝදනාවලින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිදහස් කර තිබේ. සෙසු විත්තිකරුවන් 8 දෙනාට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට අධිකරණය අද (17) තීරණය කළේය. එලෙස නිදහස් කර ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, රත්නා ලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම, රත්නා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කල විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු යන අයයි. ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19 ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද (17) තීරණය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට ද ත්‍රි පුද්ගල මහාධිකරණය තීරණය කළේය.
 

More News..