brand logo

නිවැසියන් කොවිඩ් වැළඳී රෝහලේ සිටිය දී ගෙට හොරු පැනලා

03 February 2021

නිරෝධායන වෙමින් සිටි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඥාතියෙකු විසින් දෙනියාය පොලීසියට පසුගිය 31වනදා පැමිණි කළද මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බව නිවෙස් හිමියා පවසයි. පසුගිය 21වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව තමන්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව නිවෙස් හිමියා පවසයි. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුව 23වනදා ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන අතර ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබේ. ඒ වනතෙක් සොරකම පිළිබඳ ව සොයාබැලීමට පොලීසිය ඔහුගේ නිවසට ගොස් නොමැති අතර වතත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබිජානුහරණය කර නොමැති බැවින් විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවයි. බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..