brand logo

නිවාස හා ව්‍යාපාර ආරක්ෂා කිරීම වෙනුවෙන් හොඳම විසඳුම SLT CCTV

19 November 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය ගනුදෙනුකරුවන්ගේ කාලීන අවශ්‍යතාවක් සපුරාලීම වෙනුවෙන් ඉතා හොඳින් සන්නද්ධ වී සිටී. වර්තමානයේදී සෑම තරාතිරමකම පුද්ගලයන් සිය පවුලේ සාමාජිකයන්ගේ, සේවකයන්ගේ මෙන්ම දේපළ ආරක්ෂාව සඳහා නිවෙස හා කාර්යාල වටපිටාවන්හි සංවෘත පරිපථ රූපවාහිනී (CCTV) නිරීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි. මෙම දැඩි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මිනිසුන්ට ආරක්ෂාව පිළිබඳ තිබෙන වගකීම ලිහිල් කිරීම වෙනුවෙන් කරදර රහිත CCTV විසඳුම් පද්ධතියක් “INFOTEL exhibition 2019” ප්‍රදර්ශනයේදී නොබෝදා එළිදක්වන ලද බව ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සතුටින් දැනුම් දෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් CCTV නිරීක්ෂණ විසඳුම් පද්ධතිය සිය පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට වෙබ් ද්වාරයක් හෝ ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂා කර බැලීමට අවස්ථාව සලසා දෙයි. වැදගත්ම දෙය නම්, ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් වීඩියෝ දර්ශන පටිගත කිරීම සඳහා SLT Akaza cloud වේදිකාවේ (Platform) ඉඩ සලසා දී තිබීමයි. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් CCTV නිරීක්ෂණ විසඳුම් පද්ධතිය සිය පාරිභෝගිකයාගේ පරිශ්‍රය තුළ දත්ත ගබඩා කිරීමේ හා සංකීර්ණ දෘඩාංග නඩත්තු කිරීමේ අපහසුතාවන් මඟහැර තිබේ. Collector box හා කැමරා මඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් CCTVනිරීක්ෂණ විසඳුම් පද්ධතිය සමන්විත වේ.
 

More News..