brand logo

නිවාස අධිකාරිය මුල්ගල් තියන්න, විවෘත කරන්න, ප්‍රචාරක වැඩට රු. කෝටි 36ක් වැයකරලා

23 December 2019

නිවාස ඉදිකිරීමට නියමිත ගම්මානවලට මුල්ගල් තැබීම, විවෘත කිරීම සඳහා ප්‍රචාරණය ඇතුළු කටයුතු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉකුත් වසරේ දී රුපියල් කෝටි තිස් හයකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. මීට අමතරව නිවාස ගම්මානවල දී විවෘත කෙරෙන ශිලා එලක හා නිවාස අංක තහඩු සැකසීම සඳහා ද මෙම මුදල් වැය කර තිබේ. වැය කර ඇති මුළු මුදල රුපියල් තිස් හය කෝටි හාරලක්ෂ අසූපන් දහසකි. එය එම වසරේ ප්‍රතිලාභීන් වෙත ලබා දුන් රුපියල් කෝටි 82 හා සැසඳීමේ දී සියයට 44ක පමණ ප්‍රතිශතයක් යැයි ද විගණන පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි. මෙම වියදම් සම්බන්ධයෙන් කළමනාකරණ අංශ විගණන නිලධාරින්ට කිසිදු පිළිතුරක් ලබා දී නැත. මීට අදාළව ජාතික විගණන කාර්යාලයේ නිර්දේශය වී ඇත්තේ අධිකාරියේ වියදම් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කළ යුතුය යන්නය. නිලන්ත මදුරාවල
 

More News..