brand logo

නිවාඩු ලබාදෙන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයක්

12 July 2020

නිවාඩු දෙන බවට පැතිර යන කටකතා පදනම් විරහිත අසත්‍යයක් බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි. මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද සඳහන් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිල පුවත් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
 

More News..