brand logo

නිවාඩු යැවූ සුධර්මන් යළි සේවයට

07 February 2020

යහපාලන ආණ්ඩුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ සුධර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනි සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන) නැවතත් පත් කළ බව එහි සභාපති සුදත් රෝහණ පවසයි. ඔහු මේ බව ජනාධිපතිවරයාට ලිඛිත ව දැනුම් දුන් බව පැවසී ය. සුධර්මන් රදලියගොඩ නව ආණ්ඩුව යටතේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධූරයට පත් කරන්නේ දෙවැනි වතාවට ය. ජනාධිපතිවරණයෙන් පසු දින ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන)ලෙස වැඩ බාර ගත් පසු ව තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයේ ලේකම් ඩබ්. ඒ.චූලානන්ද පෙරේරාගේ අත්සනින් යුතු ලිපියෙන් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස සභාපතිවරයාට දන්වා ඇත.   දිනේශ් විමලධර්ම
 

More News..