brand logo

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් බිලියන 3.423ක වන්දි ඉල්ලයි

09 April 2021

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තෙල් කාන්දුවක් සිදුවූ MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි ඉල්ලා තිබේ. ඒ අනුව නීතිපතිවරයා එම නැවේ හිමිකාරිත්වයෙන් රුපියල් බිලියන 3.423 (ඇමරිකානු ඩොලර් මිලියන 19.022) අයකර ගැනීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර තිබේ. අදාළ ලේඛණ නැව් සමාගමේ නීතිඥවරුන්ට භාරදුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය පැවසුවාය. 2020 සැප්තැම්බර් මාසයේ ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී MT නිව් ඩයමන්ඩ් ඉන්ධන රැගත් නෞකාව අනතුරට ලක්ව තෙල් කාන්දුවක් සිදුවූ අතර ඒ හේතුවෙන් සාගර දුෂණයක් සිදුවිය. එම තෙල් කාන්දුව හේතුවෙන් සිදුවූ සාගර දුෂණය හේතුවෙන් අදාළ මුදල ගෙවන ලෙස නීතිපතිවරයා විසින් අදාළ නීතිඥවරුන් මාර්ගයෙන් නැව් සමාගමට දැනුම්දී ඇත.
 

More News..