brand logo

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමේ අවධානමක් නෑ

04 September 2020

ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 22ක් දුර මුහුදේ මේ වන විට ගිනිගනිමින් තිබෙන MT New Diamond නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමේ අවධානමක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ශ්‍රී නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් රිය අද්මිරාල් වයි. එන්. ජයරත්න මහතා මේ බව සදහන් කළේ පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම පිළිබදව නවතම තොරතුරු දැනුවත් කිරීම සදහා මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. අදාළ නෞකාවෙන් යම් හෙයකින් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් එම ඉන්ධන මෙරටට ගලාඒමේ කිසිදු අවධානමක් නොමැති බව නාවික හමුදාව සදහන් කරයි. එමෙන්ම අදාළ නෞකාවේ අද (04) උදෑසන සිදුවූ පිපිරීම් දෙකෙන් නෞකාව දෙකඩවීමේ හෝ එය මුහුදුබත්වීමට කිසිදු අවස්ථාවක් නොමැත. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කළේ නෞකාව මතුපිටින් පෙනන ආකාරයට වඩා මුහුදු පතුලේ මීටර් 20ක් (අඩි 60ක්) සීතල මුහුදු ජලයෙන් යටවී ඇති බැවින් එය දෙකඩවීමට අවස්ථාවක් නොමැති බව නාවික හමුදාව පැවසීය.
 

More News..