brand logo

නිව්මෝනියාවට පැරදුණු රොනාල්ඩෝ සුව අතට

13 August 2018

නිව්මෝනියා රෝගය හේතුවෙන් රෝහල්ගතව සිටි බ‍්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක‍්‍රීඩක රොනාල්ඩෝ අද රෝහලෙන් පිටව යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤයේ ඉබිසා නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර නිව්මෝනියා රෝගය උත්සන්න වීම හේතුවෙන් හෙතෙම ඉකුත් සිකුරාදා දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි. 41 වැනි වියේ පසුවෙන රොනාල්ඩෝ 98 වතාවක් බ‍්‍රසීල ජාතික පාපන්දු පිල නියෝජනය කරමින් ජාත්‍යන්තර ගෝල 62 ක් වාර්තා කර තිබේ.
 

More News..