brand logo

නිවසේ මිය ගිය අයෙක් හොරෙන් භූමදානය කරලා

27 November 2020

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෙරේදා (25දා) නිවසේදී හදිසියේ මිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසෙහි පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර එදින ම පවුලේ උදවිය විසින් එම තැනැත්තාගේ මෘත ශරීරය මෙලෙස ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර දෙමටගොඩ සුසාන භුමියක භූමදානය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කිසිවෙකු නිවෙසේ හදිසියේ මිය යෑමකදී සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි. නිවසේ සිටි බිරියගේ හා දරුවාගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නිරෝධනයට යොමු කර ඇති අතර තවම ඔවුන්ට හෝ මියගිය අයට කොරෝනා ආසාදිතවූයේද යන්න හඳුනාගෙන නොමැත. මෙම පුද්ගලයාගේ දේහය භුමදානය කිරීමට අදාළ ආධාර අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
 

More News..