brand logo

නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට දඩ

25 December 2019

නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ කුලියක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කරයි. මේ වනවිට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය නිල නිවාස ආපසු භාර දී ඇති බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මෙතෙක් බහුතරයක් නිල නිවාස භාරදී නොමැති බව ඔහු සඳහන් කළ අතර නිවාස භාර දෙන ලෙසත් එසේ භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවටත් දෙවැනි සිහි කැඳවීම් ලිපිය මේ වනවිට ඔවුන්ට යොමුකර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.
 

More News..