brand logo

නිලූෂි පවන්‍යා නැටුම් ගුරිවරියක් වෙනවලු

08 February 2020

නිලූෂි පවන්‍යා කියන්නෙ මේ දිනවල නිතරම දකින්න ලැබෙන කෙනෙක්. මේ විදිහට ඇයව නිතරම අපට හමුවන්නෙ නිලූෂි විදිහට නම් නෙවෙයි. රැස් ටෙලි නාට්‍යයේ උපේඛා කියන මව විදිහටත් හේලි ටෙලි නාට්‍යයේ සිතුවක්කාර දඟකාර පෙම්වතී දිල්ෂි විදිහටත්, හුස්මක් තරමට ටෙලිනාට්‍යයේ කාගෙත් ආදරයට පාත්‍ර වූ ගුරුවරිය ලෙසයි. ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ තරුණ ගුරුවරියගේ චරිතයෙන් අතිශය ආදරයට පාත්‍ර වූ නිලූෂි පවන්‍යා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලලිතකලාවේදි උපාධිය ලබාගෙන තියෙන්නෙ පසුගිය වසරෙදියි. ඒ සුදුසුකමට අනුව මේ වසරේ නර්තන ගුරුවරියක් විදිහට ගුරු සේවයට බැඳෙන්න අයදුම් පත්‍ර යොමුකරන්න බලාපොරොත්තුවෙන් පසුවෙන නිලූෂි ගුරුවරියක් වුණාම රංගනය හැරයයි ද කියල අපිට හිතුණා.
 

More News..