brand logo

නිල්වලා හා ගිංගඟේ ජල මට්ටම ඉහළට - විමසිලිමත්ව සිටින ලෙස උපදෙස්

22 September 2019

පවතින දැඩි වර්ෂාපතනය සමග නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවධානමක් මතුවී ඇත. නිල්වලා ගගේ ජල මට්ටම ඌරව සහ පානදුගම ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. . පිටබැද්දර ප්‍රදේශයෙන් ද නිල්වලා ගගේ ජල මට්ටම අවදානම් මට්ටම කරා පැමිණ ඇති බව එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළ අතර ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇත. එඅනිස ගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
 

More News..