brand logo

නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි තිදෙනෙකුට කොරෝනා

28 December 2020

හබරාදුව පොලිස් නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට හා පොලිස් රෝහලේ පිරිසිදු කිරිමේ නිරත කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. පොලිස් කොස්තාපල්වරයා නාගරික රථවාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදුකරන අයෙකි. කොරෝනා වෛරසය ආසාදනය වි ඇති කාන්තාවන් දෙදෙනා පොලිස් රෝහලේ පුද්ගලික ආයතනයකට අනුයුක්තව පිරිසිදුකරන්නියන් ලෙස සේවය කරන අය බවට තොරතුරු වාර්තා වේ.
 

More News..