brand logo

නිරෝෂන්, අකිල, ධනුෂ්ක ශ්‍රී ලංකා ඒ සංචිතයට

08 May 2019

ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රී ලංකා ඒ සංචිතයට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබේ. සිව්දින සංචිතයක් සහ එක්දින සංචිතයක් ද ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සදහා නම් කර ඇත. මැයි මස 21 වැනි දින ඉන්දියාවේදි ආරම්භ වන මෙම තරගාවලියට සිව් දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 5ක් ද ඇතුළත් වේ. සිව්දින ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා ඒ සංචිතය සහ එක්දින තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා ඒ සංචිතය පහතින් වේ. ශ්‍රී ලංකා "ඒ" සිව්දින සංචිතය 1. අශාන් ප්‍රියංජන (නායක) 2. පැතුම් නිශ්ශංක 3. සදීර සමරවික්‍රම 4. සංගීත් කුරේ 5. භානුක රාජපක්ෂ 6. කමිදු මෙන්ඩිස් 7. ප්‍රියමාල් පෙරේරා 8. නිරෝෂන් දික්වැල්ල 9. අකිල ධනංජය 10. ලක්ෂාන් සදකැන් 11. ලසිත් ඇඹුල්දෙණිය (ශාරීරික යෝග්‍යතාව අනුව) 12. චාමික කරුණාරත්න 13. විශ්ව ප්‍රනාන්දු 14. දුෂ්‍යමන්ත චමීර 15. ලහිරු කුමාර ශ්‍රී ලංකා "ඒ" එක්දින සංචිතය 1. ධනුෂ්ක ගුණතිලක 2. නිරෝෂන් දික්වැල්ල 3. භානුක රාජපක්ෂ 4. අශාන් ප්‍රියංජන (නායක) 5. පැතුම් නිශ්ශංක 6. කමිදු මෙන්ඩිස් 7. සදීර සමරවික්‍රම 8. ශෙහාන් ජයසූරිය 9. දසුන් ශානක 10. අකිල ධනංජය 11. ලක්ෂාන් සදකැන් 12. ඉෂාන් ජයරත්න 13. චාමික කරුණාරත්න 14. ලහිරු කුමාර 15. දුෂ්‍යමන්ත චමීර
 

More News..