brand logo

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියා අත්අඩංගුවට

18 November 2020

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. සැකකරු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත. සැකකරු ඊයේ (17) රාත්‍රීයේ බන්ධනාගාරයෙන් පළාගිය අතර පොලීසිය ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව මෙහෙයුමක් දියත් කිරිමෙන් අනතුරුව අද පස්වරුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනිමට හැකි වි ඇත. මහනුවර පොලිස් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මෙම සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා විමර්ශන සිදුකරණු ලැබීය.    
 

More News..