brand logo

නිරෝධායන නීති පසෙකලා කුරුණෑගල නගරාධිපති කේක් කපයි

31 May 2021

  පිරිත් දේශනාවක් අතරතුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දින සැමරුම පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. සැමරුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබුන බවද පැවසෙයි. ඊයේ (30) පස්වරුවේ නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි. අදාළ පිරිත් දේශනාව කොරෝනා වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් වෙයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වූ වැඩසටහනකදී මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසා තිබෙන අතර එය නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බව එහිදී ප්‍රකාශ කර ඇත.
 

More News..