brand logo

නිරෝධායන නීති කැඩූ 1561ක් අල්ලයි

17 June 2021

පසුගිය පැය 24 තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් 228ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් ද 165 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් සහ 137 දෙනෙකු මාතලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීති ක්‍රියාත්මක කළ දින සිට එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය. දිනෙන් දින නිරෝධායන නීති කඩන පිරිස් වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි
 

More News..