brand logo

නිරෝධායන නීති කැඩූ තවත් 282ක් අත්අඩංගුවට

14 May 2021

ගත වූ පැය 24 තුළ නිරෝධායන නිති උල්ලංඝණය කළ 282 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඉන් වැඩි දෙනෙකු කොළඹ උතුර, කුලියාපිටිය, මාතලේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි. ඒ අනුව පසුගිය වසරේ ඔක්තොම්බර් 30වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9,029කි.
 

More News..