brand logo

නිරෝධායන නීති කැඩූ කරූ අත්අඩංගුවට

20 November 2020

නිරෝධායන සෞඛ්‍ය නීති කඩ කරමින් පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අප කිරුළපන පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි නිලධාරියෙකු කියා සිටියේ එම රංගන ශිල්පියා මුඛ ආවරණයක් නොමැතිව රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බවයි. මුඛ ආවරණය පැළද නොසිටීම හේතුවෙන් මුඛ ආවරණයක් පැළද එම ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරින් විසින් අවවාද කිරීමට ගිය අවස්ථාවේදී රංගන ශිල්පී විල්සන් කරූ විසින් පොලීසියට පහරදීමට උත්සාහ දරා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
 

More News..